හැටන් ශ්‍රී පාද මාර්ගයේ සිදුව ඇති නායයාම් පිළිසකර කර නිමවනතෙක් එම මාර්ගය වන්දනා කරුවන්ට වසා තබනා ලෙස ජාතික ගොඩනැගිළි පරයේෂණ ආයතනය කළ අනතුරු ඇඟවීම නොතකා එම මාර්ගය වන්දන කරුවන් භාවිත කරමින් සිටිනා බව වාර්තා වේ.
මහගිරිදඹ ප්‍රදේශයේ සිදුව ඇති නායයාම හේතුවෙන් එහි භූමිය අස්ථාවරව අතිබවත් එබැවින් එම ප්‍රදේශය අනාරක්ෂිත බවත් ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතය දන්වා ඇත . ඒ අනුව එම මාර්ගයේ ස්ථායිතාවය තහවුරු කරන්නට කටයුතු කරනැයි එම ආයතනය රත්නපුර සහ නුවරඑළිය දිසාලේකම්වරුනට උපදෙස් ලබාදී ඇති බව ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසයි .
නායයාම සිදුවූ ස්ථානයේ සිදුකළ ක්ෂෙස්ත්‍ර පරීක්ෂාවකින් පසු එම ස්ථානය ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත්, ඒ අනුව ජලය ගලා ඒම නතර කරන්නට පැති බැම්මක් ඉදිකිරීම සහ අස්ථාවරව ඇති පාෂාණ කුස්තූර සිමෙන්ති මිශ්රනයකින් පුරවන ලෙසත් උපදෙස් ලබා දුන් බවත් ඔහු පවසයි.
බුද්ධ ශාශන සහ ආගමික කටයුතු අමත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසනුයේ හැටන් මාර්ගයේ ගමන් කිරිම කරුවන්ට සිමාකර ඇතිබවත්, නාය ගිය ස්ථන පිළිසකර කිරීමට යුධ හමුදාවට සහ නාවික හමුදාවට බාරදි ඇති බවත් ය,
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෙඩියර් වරුණ ගමගේ පවසනුයේ නායයාමට ලක්වූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කරන ලද මුත් පසුගිය දා ඇතිවූ වර්ෂාව හේතුවෙන් මහගිරිදඹ ප්‍රදේශයේ පස් තට්ටුව නැවත් ඛාදනය ඇති බවය.
රත්නපුර දිඩ්ත්රික් ලේකම් උදාර නානායකකාර පවසනුයේ පලාබද්දල සහ කුරුවිට මාර්ග ඔස්සේ පමණක් වන්දන කටයුතු කරනා බවය.