නාමල් විපක්ෂයට එක් වීමට යයි

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ දිනවල ආණ්ඩුව ඉතා බරපතල ලෙස විවෙචනය කරමින් සිටිනේ එම පක්ෂයේ පූර්ව සැලැස්මකට අනුව බව වාර්තා වේ.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආණ්ඩුවේ යෝජනා කිහිපයකට ඔහු ඉතා දැඩි විරෝධය පලකර තිබූ අතර එම ප්‍රකාශ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක්ද ලබාදී තිබෙනු දැක ගත හැකි විය. එමෙන්ම නොදුරු අවස්ථාවක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එරෙහිව ඡන්දය දීමට පවා ඉඩ ඇතිබවත් එහි අරමුණ ජනතාව අතර වෙනමම අනන්‍ය තාවයක් ගොඩ නග ගැනීම බවත් දේශපාලන ආරංචිමාඅර්ග පවසයි.

රාජපක්ෂ පරපුරේ ඊළඟ නායකයා ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීම මෙහි අවසාන අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *