නාමල් කුමාරට පහරදී දුර කථනය පැහැර ගනී

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති නාමල් කුමාර හට පහරදී ඔහු සතුව තිබූ රුපියල් 60000ක මුදලක් සහ ජංගම දුරකතනයක් පැහැර ගත් බවට පැවසෙන පිය පුතු දෙපලක් පොලීසිය විසින් අත්අඩංගුවට ඇත .

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කරද ජනපද ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සහ 23 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. නාමල් කුමාර කරද විහාරස්ථානය අසලදී පුද්ගලයෙකු සමඟ ආරවුලක් ඇති කරගෙන අතර එහිදී එම ස්ථානයට පැමිණි මෙම පිය පුතු දෙපළ නාමල් කුමාර හට පහර දී ඇත .

පහරදීමෙන් තුවාල ලැබූ නාමල් කුමර රෝහල්ගත කර ඇත. පැහැර ගත් බවට පැවසෙන දුර කථනය තවමත් සොයා ගෙන නැත. නාමල් කුමාරගේ බිරිඳ වන මදුවන්ති තිලකරත්න නැමැති අයෙක් කරන ලද පැමිණිල්ලක් අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *