නදීෂා රාමනායකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනඒමට නදීෂා රාමනායක සමත් වූවාය. එම ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඇය එහි රන් පදක්කම හිමිකර ගත්තාය.

ඇය එම ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 52. 61 කි. මෙය ඇයගේ හොඳම තරග කාලයද වෙයි. ඊට අමතරව මෙම තරගාවලියට සහභාගීවන ගයන්තිකා අබේරත්න මීටර් 1500 ඉසව්වෙන්ද, දිල්හානී ලේකම්ගේ හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන්ද ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *