ධනුෂ්ක ගුනතිලකගේ චෝදනා ලිහිල් වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් බහුතරයක් ඉවත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී සිඩ්නි අධිකරණය සඳහන් කළේ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරෙන් තුනක් පොලීසිය විසින් ඉවත් කරගෙන ඇති බවත්, ජීලි 13 වනදින නඩුව යළි කැඳවන බවත් ය.

2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *