ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03 ක් වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරනා බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවද එම සමාගම සදහන් කළේය. ඒ අනුව අද (23) සිට දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.
තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
සති කිහිපයක සිට වෙළඳපොළේ ලිට්රෝ ගෑස් හිඟයක් පවතින අතර එම නිසා පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති .