දේශීය නිශ්පාදිත එන්නත් වර්ග 8කට එරෙහිව අධිකරණයෙන් ලැබුනු නියෝගය මෙන්න.

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඔක්තෝබර් මස 02 වනදා ගොනු කරන ලෙස අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ පෞද්ගලික දේශීය සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිත කරනු ලබන එන්නත් වර්ග 8ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවය.
එම අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබාදීමට පෙර එය මාස 06ක් “සුපරීක්ෂණ කාලයකට” යටත් කළ යුතු වුවද මේ සඳහා අනුමැතිය ලබාදීමේදී නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වාදෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *