දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්මතයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද (01) වැඩි චන්දයෙන් සම්මත විය . යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලුම අවසර, මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබාදීම සඳහා වන යෝජනාව ලෙස අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින්.

විපක්ෂයේ බරපතල විරෝධතා මධ්‍යයේ පැවති විවාදය අද රාත්‍රියේ නිම වීමෙන් පසු චන්ද විමසිම සිදු කරනා ලදි. ඡන්ද විමසීම හෙට දිනයට යොදාගෙන තිබූ අතර, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී විවදය අද දිනයෙන් නිම කිරිමටත්, රාත්‍රියේදී ඡන්දය පවත්වා නිම කිරීමටත් සියළු පාර්ශව ඒකඟ වීම න්සා අද දිනය තුළ විවාදය පවත්වා නිම කීරිමට එකඟ වන ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *