දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින නියම වේ

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියම කළේය.

මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට කල් ලබාදුන් අධිකරණය අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස නියෝග කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *