දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිම පිළිබඳ COPF කමිටුවේ විශේෂ සාකච්චාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව (COPF) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් පිළිබඳව ජුනි 29 සහ 30 යන දිනවල සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති හර්ෂ ද සිල්වා පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායකවරයා සහ තමන් ගැන යම් තාක් දුරට යාවත්කාලීන කර ඇති බව ද ඔහු පැවසීය. “අපි මුල ඉඳන්ම කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර ඉන්න එක හොඳයි කියලා නමුත් එය සිදු කිරීම අත්‍යවශ්‍ය නම්, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කළ යුතු අතර තැන්පතු ආරක්ෂා කළ යුතු බව අපි විශ්වාස කරනවා” ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *