හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව වාර්තා වේ.
පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂාවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය විසින් ඊයේ දිනයේදී ඔහු අත් අඩංගුවට ගනු ලැබීය .
ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් ලද තොරතුරක් මත සොයා ගන්න ලදි . ඊට අදාල්ව විමර්ශනවලට අදාළව ඔහු ඊයේ අත් අඩංගුට ගන්න ලදි .
එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනි අවිය ඩග්ලස් දේවානන්දා වෙත නිකුත් කර තිබූ එකක් බවය. කෙසේ වෙතත් තමාට ලබාදුන් ගිනිඅවිය අතුරුදහන්වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට අසමත් වීම නිසා ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.