දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදවයි

දෙවැනි පුහුණු තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 41කින් පරාජය කර පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 122ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක පන්දුවාර 3.2 කදී කඩුලු 04ක් දවා ගත්තා,

ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගය සඳහා ජූනි මස 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!