දුම්රිය සේවය අධිකාරියක් කිරීමේ යෝජනාව කැබිනට්ටුවට

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

එහිදී විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාර්තාව සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ පැවති දුම්රිය සේවක වර්ජනයට ප්‍රතිචාර දක්වමින් දුම්රිය සේවය පිළිබඳව දැඩි තීරණයක් ගෙන කැබිනට් මණ්ඩලයට යොමුකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි
.
“මගීන් කොළඹට අරන් ඇවිත් එකපාරට දුම්රිය නතර කරනවා නම්, වැඩට යන්න ඉන්න දහස්ගණන් මිනිස්සු අතරමං කරනවා නම්, මේකට දැඩි තීන්දුවකට එන්න ඕනේ. මෙච්චර කල් මෙහෙම කරන් ආවා මෙහෙම කියලා. පහුගිය කාලයේ ඉතා සහයෝගයෙන් වැඩ කළා. කවදාවත් වර්ජනයක් කළේ නෑ, රියදුරුවරුන්ගේ යම් දේශපාලන උවමනාවක් තියෙන්න පුළුවන්. මම අද කැබිනට් මණ්ඩලයට කියන්න බලනවා. මගී ජනතාවගේ ඉල්ලීම තිබුණේ දුම්රිය පුද්ගලීකරණය කරන්න. ඒක කවදාවත් කරන්න බෑ. මම කිව්වා පුද්ගලීකරණය කරන්නේ නැතුව මේක අධිකාරියක් කරලා හදන්න පුළුවන් අපිට කාලයක් දෙන්න කියලා. එහෙම දීලා තියෙද්දිත් මේ විදියට මිනිස්සුන්ව පෙළනවා නම් මේ විදියට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය. ඉතාම දැඩි තීන්දුවක් මම කැබිනට් මණ්ඩලයට කියලා ගන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *