දුම්රිය ස්ථාන කිහිපයක් වානිජ මධ්‍යස්ථාන කරන්න කැබිනට් අනුමැතිය

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමයි හඳුනාගෙන ඇත්තේ.

ඉකුත් 2023 වර්ෂයේ පැවති කැබිනට් රැස්වීමක දී යි මේ පිළිබඳව හඳුනාගෙන තිබෙන්නේ.

එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට අදාළ යෝජනාවට ද අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඒකාබද්ධවයි මෙම කැබිනට් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!