දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ බිහිසුණු රිය අනතුරක් සිදුව ඇතිබව වාර්තා වේ
ටිපර් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර අනතුරුව ඊට පසුපසින් පැමිණි කොන්ක්රීට් මිශ්රණ රථයක් ටිපර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත . එම අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
.