තිලංග පන්නන්නැයි මෛත්‍රීට බලපෑම්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් ඉවත් කරනා මෙන් එම සංධානයේ බහුතර බලය හිමි ශ්‍රී ලනිපයේ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයේ සභාපති මෛත්‍රිපාල සිරිසේනට බලපෑම් කරනා බව වාර්තා වේ .

මෙ වනවිටත් තිලංග සුමතිපාල එක්සත් ලංකා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීමට එරෙහිව එහි හිටපු මහලේකම් මහින්ද අමරවීර අධිකරණයේ නඩුවක් පවරා ඇත. ඊට අදාල වාරණ නියෝගයක්ද පනවා ඇත. එහෙත් පසුගිය දා ශ්‍රිලංකා නිදහස් පක්ස මූලස්ථානයට ගිය තිලංග සුමතිපාල එහි තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු ලිපිගොනු කිහිපයක් බලහත්කාරයෙන් රැගෙන ගිය බව මාධ්‍ය වාර්තා කර තිබුනි.

ශ්‍රී ලනිපයේ වත්මන් අර්බුදය හමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියකාරිත්වය අර්බුදයකට ලක්වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *