තහනම් කළ කෘෂි විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය පළමුවෙනිදා

අ.පො.ස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමේ විශේෂ විභාගය එළැඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඉකුත් 10 වැනිදා පෙරවරු පැවැත්වූ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය විභාග දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද අතර ඒ වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීම වෙනුවෙන් මෙම විශේෂ විභාග අවස්ථාව පැවැත්වේ.

මේ අනුව ජනවාරි 31 දින අවසන් වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය පෙබරවාරි 01වැනිදා අවසන් වීමට නියමිත අතර සියලු විභාග මධ්‍යස්ථාන එදිනද සාමාන්‍ය පරිදි පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!