ටයිටැනික් නැවේ කපිතාන් ජීවන ගමන නිම කරයි

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවයි.

බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවේ රොහාන් හි තියෝඩන් රජු ලෙසත්, ජේම්ස් කැමරන් අධයක්ෂණය කළ සම්මානනීය ටයිටැනික් චිත්‍රපටයේ ටයිටැනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසත් කළ රංගනය නිසායි.

බර්නාඩ් හිල් විවාහ වී සිටියේ රංගන ශිල්පිනියක වන මරියානා සමගය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!