ඥානසාර හිමිගේ පිංකැටයට රුපියල් 100 ක් දාන්න

තමා අද (23) දිනයේ ජාතික පිං කැටයක් ආරම්භ කරන බවත්, මෙම පිං කැටයට රුපියල් 100 ගාණේ හෝ ලබාදීමට කාරුණික වන ලෙසත් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉල්ලා සිටිති

පසුගිය කාලයේ තමා ධර්ම දේශනා කරමින් මුදල් සොයා ගත් නමුත් වර්තමානය වන විට තාමාට කිසිදු ආදායමක් නොමැති බව උන්වහන්සේ පවසති .

මෙම පිං කැටයට මුදල් එකතු කිරීම පිණිස තමා පිණ්ඩපාතයේ වැඩීමට සූදානම් බවත්, තමාට අපහාස සහ අසත්‍ය චෝදනා කරන පිරිසට එරෙහිව අනිවාර්‍යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, ඒ හේතුවෙන් මෙවැනි පිං කැටයක් තමා ආරම්භ කළ බවත් උන්වහන්සේ පැවසූහ .