ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකක් අක්‍රීය වෙයි

කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වන රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනුයෙ ඊයේ දිනයෙදී බිඳ වැටුණු යන්ත්‍රයෙන් දිනකට CT ස්කෑන් පරික්ෂණ 200 කට වඩා සිදුකරන ලද බවයි.

නිසි නඩත්තුවක් නොමැතිකම නිසා මේ වනවිට රාජයෙ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් අක්‍රීයව ඇතිබවත්, එම රෝහල්වල යන්ත්‍ර ඉතා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් ඔහු වැඩි දුරට්ටහ් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *