ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින් සැකසීමට තීරණයක්.

ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින් සකසා ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව ඒ ඒ පළාත්වලට ආවේණික වූ තත්වයන් හඳුනාගනිමින් ඊට ගැලපෙන පරිදි සංවර්ධන කටයුතු යාවත්කාලීන කිරීම මෙහි අරමුණ බවට පත්ව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ජාතික භෞතික සැලැස්ම සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇතැයි ද ඊට අමතරව ඌව පළාත් ජාතික සැලැස්ම කඩිනමින් සකස් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් “ජාතික භෞතික සැලැස්ම” සකස් කර තිබෙන්නේ 2000 අංක 49 දරණ පනතින් සංශෝධිත 1946 අංක 13 දරණ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත ප්‍රකාරවය. පළාත් මට්ටමින් ජාතික භෞතික සැලසුම් සකස් කරන්නේ මෙම ජාතික භෞතික සැලැස්ම පාදක කරගනිමින් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී තවදුරටත් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!