ජපාන මුහුදෙන් අළුත් දූපතක් මතුවෙයි

මීට සති තුනකට පෙර ජපානයට ඔබ්බෙන් මුහුදු පතුලේ සිදුවූ ගිනි කඳු පුපුරා යාම නිසා නව කුඩා දූපතක බිහිව ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් මෙම නව දූපත කල් පවතින එකක් නොවනු ඇතිබව විද්‍යාඥයන් පවසයි .

ජපානයේ Iwo Jima හි දකුණු වෙරළට කිලෝමීටර් 1 ක් පමණ දුරින් පිහිටි මෙම නව දූප්ත මතුව ඇත. ඊට අදාල පිපිරීම් මාලාව ඉකුත් ඔක්තෝබර් 21 වන දින ආරම්භ විය. එම පිපිරිම නිසා ගිනිකඳු අළු සහ පාෂාණ නොගැඹුරු මුහුදු පත්ලේ ගොඩගැසී, එහි කෙළවර සාගර මතුපිටට පැමිණීමෙන් මෙම දූපත නිර්මාණය වී ඇත .

පසුගියය සතිය වන විට එහි විශ්කම්භය මීටර් 100 (අඩි 328) පමණ වූ අතර මුහුදු ජල මට්ටමට ඉහළින් මීටර් 20 (අඩි 66) තරම් උසකින් යුත් නව දූපතක් බවට පත් තිබූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ ගිනිකඳු අංශයේ විශ්ලේෂකයෙකු වන යුජි උසුයි පවසයි.

මුහුද යට ගිනිකඳු සහ භූ කම්පන ක්‍රියාකාරකම් නිසා නව දූපත් බිහිවිම මීට පෙරද වාර්තා වී ඇත.
2013 දී, ටෝකියෝවට දකුණින් පැසිෆික් සාගරයේ නිෂිනොෂිමා හි පිපිරීමක් නව දූපතක් ගොඩනැගීමට හේතු වූ අතර, එය දශකයක් පුරා ගිනි කන්ද පුපුරා යාමේදී වර්ධනය විය.

එසේම 2013 වසරේදී පකිස්ථානයේ රික්ටර් පරිමාණයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවකින් පසු මුහුදු පත්ලෙන් කුඩා දූපතක් මතුවිය. 2015 දී ටොංගා වෙරළට ඔබ්බෙන් වූ සබ්මැරීන් ගිනි කන්දක් මාසයක් පුරා පුපුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස නව දූපතක් මතුවන ලදී.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව ලෝකයේ ක්‍රියාකාරී ගිනිකඳු 1500 න් 111 ක් ජපානයේ පිහිටා ඇති අතර එය පැසිෆික් “ගිනි වළල්ල” මත පිහිටා ඇත.
මූලාශ්‍රය: ABC පුවත්

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *