ජනාධිපතිවරණයේදී වැරදි තීරණයක් ගත්තොත් ලංකාවත් පාකිස්ථානයක් වෙයි.

වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහට මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් ජනකොටසක් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පැවසිය.

ඔහු ඒ බැව් කියා සිටියේ (15) දින හැටන් කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල ගනේෂා දමිල මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වු මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

”ජනාධිපතිවරයත් කියනවා ජනාධිපතිවරණය තියනවා කියලා , මැතිවරණ කොමසාරිවරයා ව්‍යාවස්ථාන අනුව කටයුතු කරයි කියලා මම හිතනවා, ඔක්තොම්බර් මස වෙද්දි තමයි ව්‍යාවස්ථාන අනුව නව ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕනි,

රට දැන් ආර්ථික වශයෙන් ගැටළු වලට මුහුණ දිලා තියෙන අවස්තාවක් ඒ නිසා පාට පක්ෂ භේද අමතක කරලා සියළු දෙනා එකතු වෙලා සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් තොරාපත් කර ගන්න අවශ්‍යයි. එහෙම නැතුව දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කලොත් රට වැටෙනවා ආයේ, පාකිස්ථානයට වෙලා තියෙන දේ පේනවනේ

මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න 51% ක් ජන්ද ලබා ගන්න ඕනි , පක්ෂ වලට බෙදිලා ජන්ද කැලි කැලි කඩන්නේ නැතුව හැමෝම එකතු වෙලා එක් ජනාධිපතිවරයෙක් තොරාපත් කර ගන්න අවශ්‍යයයි

කඳුකරයේ ජනතාවගේ නිවාස , අධ්‍යාපන ගැටුළු විසදෙන්න ඕනි , වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම ගැන අපි වතු සමාගම් සමග සාකච්ඡා කරනවා. අපේ ජනතාව ඊලාම් ඉල්ලන්නේ නැ , ආයුධ ඉල්ලන්නේ නැ ඒ අය ඉල්ලන්නේ කරන වැඩට හරියන වැටුපක් පමණයි .” ඔහු පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!