ජනපති අනිද්දා ඉන්දුනීසියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයෙන් මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වනු ඇති.

ජනාධිපතිවරයා “හවුල් සෞභාග්‍ය ​​සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 20 වැනි දින ඉහළ පෙළේ සංසදයේ දී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර, ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ සමග සහ තවත් ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට ද එතුමා සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!