චීනය විදුලියෙන් ක්‍රියා කරනා බස් 100 ක් ශ්‍රී ලංකාවට ලබාදෙයි .

විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පැවසීය .

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය. මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා සඳහන් කළේය .

අද (22) පෙරවරවේ මල්වතු අස්ගිරි උභය පාර්ශව මහා නාහිමිවරුන් මුණගැසුන අවස්තාවේ චීන තානාපතිවරයා මේ බව පැවසීය .