චන්ද්‍රයාන් – 3 අද සඳ මතට ගොඩබැසීම සජීවී විකාශයට ඉන්දියාව සැරසේ

අසල්වැසි ඉන්දියාවේ චන්ද්‍රයාන් – 3 (Chandrayaan-3) මෙහෙයුම යටතේ ”වික්‍රම්” නම් රොබෝ ගවේෂණ යානය අද චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ගොඩබෑමේ සජීවී විකාශනයක් සඳහා ISRO සැලසුම් සකස් කර ඇති අතර, පාසල් සිසුන් ඇතුළු මිලියන සංඛ්‍යාත ජනතාවක් ඊට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සජීවී විකාශය අද සවස 5.20 ට ආරම්භ වීමට නියමිතයි.

අද (23) ඉන්දියාවේ වේලාවෙන් සවස 6.04 ට මෙම ඓතිහාසික චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැව ගොඩබෑම සිදුවනු ඇති. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (Indian Space Research Organisation – ISRO) ප්‍රධානී එස්. සෝමනාත් සඳහන් කරන්නේ යානය කිසිදු ගැටලුවකින් තොරව සඳට ගොඩබෑමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඉන්දියාවේ මෙම උත්සාහය, රුසියාවේ ලූනා-25 යානය එම කලාපයම ස්පර්ශ කිරීමට උත්සාහ කිරීමේදී කඩා වැටී දින කිහිපයකට පසුව වීම ද විශේෂ වේ.

චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, පෘථිවියෙන් පිටත්ව සඳ බලා ගියේ පසුගිය ජූලි 14 වැනිදා ය. ඒ අනුව චන්ද්‍රයාන් – 3 පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark-III රොකට්ටුවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *