ගෙම්බන්ට කරදරයක්.

ගෙම්බන්ගෙන් පමණක් ලේ උරාබොන නව මදුරු විශේෂයක් සොයාගැනීමට ශ්‍රීලංකා වෛද්‍ය පරයේෂනායතනය සමත්ව ඇතිබව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වන එම ආයතනයේ කීටවිද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ පවසනුයේ මෙම නව මදුරු විශේෂය මීරිගම ප්‍රදේශයෙන් සොය ගත් බවය.

යුරේනෝටේනියාට්‍රිලිනේටා(Uranotaeniatrilineata) යන නමින් හඳුන්වන මෙම මදුරුවා දිගින් මිලි මීටර් 2 ත් 3 අතර වෙයි. ඒ අනුව මෙම විශේෂය ශ්‍රි ලංකාවෙන් වාර්තාවන කුඩාම මදුරු විශේෂය ලෙස හඳුනා ගෙන තිබෙන බවත්, නව විදේෂය සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මදුරු විශේෂ ගණන 156 ක් දක්වා ඉහළ යන බවත් ඔහු පැවසීය.

මෙම මදුරු විශේෂය වසර 108ට පෙර දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර ඉන් අනතුරුව තායිලන්තයෙන් සොයා ගන්නා ලදි.

මෙම පර්යේෂණය සඳහා වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් සහ කීටවිද්‍යා අංශයේ වැඩබලන අංශ යේ ප්‍රධානී සූජාතා පතිරගේ ගේ උපදෙස් මත ප්‍රමිත රංගන, නලීන් ජයසිංහ, එරන්ද හේවාවිතාරණ , සජිත් තාරක , රුවන් සමීර, රොහාන් සමරසේකර, සහ අපේක්ෂා වරුෂවිතාරන යන කීට විද්‍යා නිලධාරීන් සහභාගී වී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *