ගැබිනි මව්වරුනට පෝෂණ දීමනාවක් .

රට පුරා පවතින ආපදා තත්ත්වය සහ ඉදිරියේදී එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ගැබිණි මව්වරුන්ට රුපියල් 5,000 ක පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය කරයි .

එක්වරක් පමණක් ලබාදෙන මෙම දීමනාව 2025 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර මාතෘ සායනවල ලියාපදිංචි වූ ගැබිනි මව්වරුන්ට ලබා දීමට නියමිතය .

මෙම මුදල දෙසැම්බර් 16 වැනි දින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීමට නියමිත බව වාර්තාවේ.