ගම්පහ යටවෙන්න හේතුව කාදිනල්ගෙන් දැනගන්න .

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව පිළිබඳව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් හෙළිදරව්වක් කරති .

ධනවතුන් සහ ඇතැම් සමාගම් විසින් මුතුරාජවෙල තෙත්බිම් අනවසරයෙන් ගොඩකිරීම එයට හේතුව බව උන්වහන්සේ පවසති . ආපදාවට ලක්වූවන් සිහිපත් කිරීම සඳහා ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් දේවස්ථානයේ පැවති දේව මෙහෙයකදී අදහස් පල කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ .,

වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස පැවසූහ .

“මුතුරජවෙල කියන්නේ කොළඹට උතුරින් තියෙන මහා සම්පතක්. ඒ මුතුරාජවෙල හරහා තමයි කැළණි ගඟ, අත්තනගලු ඔය, ජාඇල, මාඔය වගේ ගංගාවලින් එන අතුගංඟාවලින් එන ජලය මුහුදට බසින්නේ මෙන්න මේ සම්පත හරහා. නමුත් අද මම මේ කතා කරන වෙලාවේ මේ සම්පත සමහර ධනවතුන්, විශේෂයෙන් සමාගම් අයිතිකරුවන් එය ගොඩකරමින් සිනවා. රාජ්‍ය ආයතනවල බලය මේසයට යටින් ලබාගෙන ගොඩකරමින් සිටිනවා.

අද මීගමුව කලපුව සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික්වලින් පිරිලා. මේ ප්ලාස්ටික් අපි විසි කරපු ඒවා. අපි ගඟට හලපු ඒවා. ඒවා ගිහිල්ලා හිරවෙච්ච නිසා අද මේ මං කතාකරන වෙලාවෙදී මුතුරාජවෙල ප්‍රදේශයේ ගෙවල් තාමත් යට වෙලා වතුර බහින්නේ නැතුව තියෙනවා. මොකද ඔක්කොම පිරිලා. අපි කවදාවත් ඇහුවේ නෑ ගම්පහ නගරය වතුරට යට වෙනවා කියලා. ගම්පහ නගරය වතුරට යට වෙන්නේ මුතුරාජවෙල පිරිලා තියෙන නිසා. ඒ නිසා මම රජයෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේ වෙලාවෙදී මුතුරාජවෙල පිරිසිදු කරන්නට වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා…”