ගම්පහ භික්ෂුවට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

ඉකුත් ජනවාරි 23 වැනි දා, ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයක දී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු, පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටිය දී පළායාමට උත්සාහ දරා ඇති අතර, එහි දී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකිනුයි සැකකාර වෙඩික්කරු මියගොස් ඇත්තේ.

ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!