මේ ගෙවී යන්නේ ව්‍යසන සමයකි . ව්‍යසනය යනු විපත්තියකි . විපත් අස්සේ දේශපාලනය කරන්නට එපායයි සමාජ මාධ්‍යයේ අදහස් පලකරන්නෝ බොහෝය. මෙසේ ලියනා බහුතරයක්ගේ ප්‍රොෆයිල් විමසා බැලීමේදී උන්දලාගේ චරිතේ හොයාගන්නට පුළුවන . විපතක් අස්සේ දේශපාලනය කරන්නට එපායයි අපට ඔවදෙන අතිමහත් බහුතර ආණ්ඩුව වෙනුවෙන් දුර්මත වපුරන්නන්ය . නොඑසේනම් ආණ්ඩු විරෝධ් අදහස් පලකරනා අයට එලව එලවා පහර දෙන ඔන්ලයින් කුළී සොල්දාදුවන්ය . මේ රංචුවට දහම් කරුණු අවබෝධවී ඇත්තේ මේ මහා ව්‍යසනයෙන් මිනිස් ජීවිත බේරාගන්නට ආණ්ඩුව අසමත් වූ බවට දසතින් චෝදනා නැගෙද්දීය. කෙටියෙන් කිවහොත් අපට විපතක් මැද දේශපාලනය කරන්නට එපා යයි ඔවදන් දෙමින් උන් කරන්නේද ආණ්ඩුව වෙනුවෙන් දේශපාලනය කිරිමය. ඒ අනුව විපතකදී හොඳ නැත්තේ ආණ්ඩුව විවේචනය කිරීමේ දේශපාලනයය පමණක්දයි සෝදන බලකායෙන් ඇසිය යුතුය .
අපට බණ දෙසනා ආණ්ඩුව ගං වතුරේත්, නාය ගිය පොළවේත්, සුළි කුණාටුවේත් කරන්නේ ජ.වි.පෙ දේශපාලනයය . සුනාමියේදී පවා සහන කටයුතු කරේ ග්‍රාම නිළධාරීන් සහ රජයේ නිළධාරීන්ය . එහෙත් දැන් සහනාධාර කටයුතු කරන්නට ප්‍රජාශක්ති යනුවෙන් නම් කර ආණ්ඩුවේ බලඇණියක් යොදවා තිබේ. මේ ප්‍රජා ශක්ති බලඇණිය කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් දේශපාලනය කිරීමය . ඇපයට ගන්නේ නහය ලඟට වතුර ගැලූ අසරණ මිනිසුන් ය. නායයාම්වලින් පන පිටින් වැලළුන ලබැඳියන් සොයනා මිනිසුන්ය . සහනාධාර සඳහා ග්‍රාම නිළධාරීන් කරනා නිර්දේශ ප්‍රජාශක්ති කුළී හමුදාවේ සෙබළුන් ප්‍රතිෂේප කරනා බව පවසන්නේ එක්සත් ග්‍රාම නිළධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහය . ඔහු කියනා පරිදි ග්‍රාම නිළධාරීනට සිදුව අත්තේ ප්‍රජාශක්ති බලකාය කියනා විදියට කරන්නටය.
වැඩේ එතනින් නතර වන්නෙ නැත . ප්‍රජාශක්ති බලකායට අමතරව ආපදාවෙන් ගොඩ එන්නට යයි පවසමින් මිලියනයක ස්වේච්චා බලකායක් හදන්නට ආන්ඩුව සූදානම් වන බව ඉකුත් 12 වෙනිදා අනිද්දා පුවත්පත වාර්තා කර සිටී. ඊට අදාල දැන්වීම ”අපි එකාවන්ව කටයුතු කරමු . මේ කඳුළු සළන පාරාදීසය සුවපත් කරමු” යන සිරසින් අනුර කුමාර දිසානායක නමින් ඇති ෆේස්බුක් ගිණුමක පලකර තිබූ බව එම පුවත්පත පවසයි . රට ගොඩනගන මිලියනයක ස්වේච්චා බලකාය සඳහා ලියාපදිංචිය ආරම්භ කර ඇති බවත්, ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය නායකයන්ගේ දුරකථන අංකවලට කථා කර තොරතුරු ලබාගන්නා ලෙසත් එම දැන්වීමේ සඳහන් වෙයි .
ආපදාවකදී සහය ගැනීමට බලකායක් සෑදීම වරදක් නොවේ . ඒහෙත් එය දේශපාලන පක්ෂයක කාඩර්වරුන් මගින් කිරීම තනිකරම දේශපාලන ක්‍රියාන්විතයකි . ව්‍යසන සමයේ තමා පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස හඳුන්වදුන් ටී.බී.සරත් ගං වතුර තමන්ට ආශීර්වාදයක් යයි කීවේ ව්‍යසනය මැද කරනා දෙකයි පනහේ දේශපාලනය නිසාදැයි අපට සිතේ .