කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

හෙට (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

හෙට පස්වරු 06 සිට 24 වනදා (ඉරිදා) පෙරවරු 06 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන අතර, කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල කාප්පාදුව බලපැවැත්වෙනු ඇත.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරණ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *