කොත්තු ෆ්‍රයිඩ් රයිස් ඇතුළු සියළු ආහාරවල මිල ඉහළ නගී.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

සමස්ත ලංකා ආපනශාලා සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ, සීනි,ගෑස් ඇතුළු ද්‍රව්‍ය රැසක මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල වැඩිකිරීමේ තීරණය ගත් බවයි. සීනි මිල ඉහළ යාම හමුවේ ප්ලේන් ටී එකක මිල රුපියල් 5 කින්ද, කිරි තේ එකක මිල රු. 10. ඉහළ දැමීමට සිදුව් ඇතිබව ඔහු පවසයි.

මීට අමතරව, සහල්, එළවළු, කුකුල් මස් සහ ළූණු මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බවත්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස්වල මිලද රුපියල් 20 කින් ඉහළ දමන බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *