කුලියාපිටිය තරුණයාගේ මළ සිරුර තවමත් ඥාතීන්ට භාර නොදුන්නේ ඇයි?

පෙම්වතියගේ නිවසට යන බව පවසා ගිය කුලියාපිටියේ පදිංචිව සිටි සුසිත් ජයවංශ නැමති තරුණයා දින ගණනාවක සිට අතුරුදහන්ව සිටි අතර පසුව ඔහුගේ මළ සිරුර ඉකුත් 7 වැනිදා මාදම්පේ – පනිරෙන්ඩාව ප්‍රදේශයේ කැලෑවක තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

හලාවත අතිරේක දිසා විනිසුරු සසිත ද සිල්වා මහතාගේ නියෝග මත මියගොස් සිටි අයගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේ දී පසුගිය 8 වැනිදා සිදුකරනු ලැබුවා.

නමුත් මරණයට නිශ්චිතවම හේතුවක් අනාවරණය නොවීම නිසා හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අයි.බී ඉලංගරත්න මහතා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

එහිදී මළ සිරුර ඥාතීන්ට භාර නොදී තවදුරටත් පරීක්ෂණ සඳහා තබා ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!