කිරිඳි ඔයෙන් හමුවු අලි හිස ගැන තොරතුරකට තෑග්ගක්

කුඩාඔය, තෙලුල්ල ජනපදයේ කිරිඳි ඔයෙන් ගොඩගත් අලියා වෙඩි තබා ඝාතනය කර අති බව පස්චාත් මරන පරීක්ෂණයෙන් තහවුරුවූ බව වනජීවී ආරංචි මාර්ග පවසති.

දකුණු පළාතේ සහකාර වනජීවී සංරක්‍ෂක උපුල් ඉන්ද්‍රජිත් පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති විසින් වෙඩි උණ්ඩ දෙකක් සොයා ගෙන ඇති බව ය.

මෙම අලියා වෙඩි තබා ඝාතනය කර කැබලිවලට කපා ගඟට දමා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මළ සිරුරේ අනෙකුත් කොටස් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තවේ .

මේ අතර වන අලි ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට සූදානම් බව සංස්කෘතික හා පරිසර අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි . යම් තොරතුරක් වෙතොත් වනජීවී දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය (1992) හෝ CES හි 0719005549 අමතා තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!