කිරින්ද මුහුද තරුණියන් දෙදෙනෙක් බිළිගනී

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් ඇතිබව පොලිස් වාර්තා පවසයි

අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු සහ තරුණයෙකු මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇත . එම පිරිස අතරින් තරුණයා සහ තවත් තරුණියක් අවට සිටි අය විසින් බේරාගෙන ඇත.

මුහුදේ ගසාගෙන ගිය තරුණියන් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කිරින්ද රෝහල වෙත ගෙනයන අතර තුර මියගොස් ඇත. අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් ඇය සොයා විමර්ෂණ ආරම්භ කර ඇති බවත් කිරින්ද පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බිබිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *