කැඹිළිත්තට ආ අබිරහස් හෙළිකොප්ටරය මෙන්න.

කැබිළිත්ත දේවාල අවට පාසැලකට හදිසියේ ගොඩ බට හෙළිකොප්‍ටර‍යක් නිස එම ප්‍රදේශයේ මහජන කැළඹ්මක් ඇතිව තිබේ. මෙම හෙළිකොප්ටරය කිසියම් නීතිවිරෝධි කටයුත්තකට පැමිණි බවට සැක කළ ප්‍රදේශවාසින් එ බව පොලිසියට පැමිණිලි කර ඇත.

සෙත් ශාන්තියක් කර ආපසු යාම සඳහා කැබිලිත්ත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට පැමිණි රෝගියෙකු ආපසු යාම අසීරු වීම නිසා ඔහුගේ ඥාතීන් පෞද්ගලික සමාගමක් සතු මෙම හෙලිකොප්ටරය මුදල් ගෙවා ලබාගෙන ඇත . මෙම හෙලිකොප්ටර් යානය ආසන්න පාසලක ක්‍රීඩා පිටියකට ගොඩ බැසීම සමග එම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවින.

පසුව පොලිසිය මැදිහත් වී කරුණු අවබෝධ කර දුන් පසු එම නොසන්සුන් තත්ත්වය සමනය වී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *