කැනඩා අගමැතිගේ විවාහය අවසන්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින් වෙන් වීමට තීරණය කර තිබේ.

දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය. ටෲඩෝ සහ සෝෆි යුවළට දරුවන් තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි.

දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු 9 කි.

ඔවුන් දෙදෙනා වෙන් වීමට තීරණය කළත්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු බව ටෲඩෝ (51) සහ සෝෆි (48) පැහැදිලි කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *