කාන්තාවක් බලයෙන් රඳවාගෙන ඇගේ නිරුවත් වීඩියෝ ලබාගත් ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන ඇයට තර්ජනය කිරිම සහ ඇයගේ නිරුවත් වීඩියෝ දර්ශණ පටිගතකර ගත් බව පැවසෙන ධීවර ව්‍යාපාරිකයෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලිසිය සැකකරුගේ නිවස පරික්ෂාවට ලක්කර ඇත. එහිදී මෙම කාන්තාව සොයාගැනීමට පොලිසියට හැකිව ඇත. සැක කරු මාළු කපනා මන්නා පිහි පෙන්වමින් ඇගේ සැමියා සහ දරුවන් මරදමන බවට තර්ජනය කර ඇති අතර ඇගේ හිසකෙස්ද කපාදමා ඇති බව එහිදී අනාවරණය වී ඇත.

ඊට අමතරව එම කාන්තාව නිරුවත්කර එම දර්ශණ ජංගම දුර කථනයකින් වීඩියෝ කර ඇති බවත් ඇය නිවසින් පිටව ගියහොත් එම දර්ශණ අන්තර්ජාලයට මුදාහරිනා බව පවසමින් සැකකරු ඇයට තර්ජනය කර ඇතිබවත් වාර්තා වේ.

එම නිරුවත් දර්ශණ ඇතුලත් ජංගම දුර කථනය සහ ඇයට තර්ජනය කිරීමට යොදාගත් මන්නා පිහි සහ කිණිස්සක්ද පොලිස් බාරයට ගෙන තිබේ. එම ජංගම දුරකථනයේ සැකකරු බාලවයස්කාර දැරියක් දූෂණය කරනා දර්ශණද ඇතුළත් බව වාර්තාවේ. අත් අඩංගුවට පත් සැකකරු එම කාන්තාවගේ ඥාතියෙක් බව මූලික පොලිස් විමර්ශණ වලදී තහවුරුව ඇත. .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *