ක්‍රීඩා ඇමති දෙලොවක් අතර.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරින් පිරිසක් බලකරමින් සිටිනා බව වාර්තා වෙයි.

එම මන්ත්‍රීවරුන් පිරිස ක්‍රීඩා අමාත්‍යවරයා ධුරයෙන් නෙරපන ලෙස ජනාධිපතිවරයාටද පවසා ඇතත් ඔහු ඊට එකඟව නැත. අමාත්‍යවරයා ඉවත් කිරීමට තරම් තත්ත්වය දුරදිග ගොස් නැතිබව ජනධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු එම ගැසට්ටුව ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා තමන්ට දැන්වූ බවත් ගැසට්ටුව ඉවත් නොකරන බවත් අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස තමන් ජනාධිපතිට දැන්වූ බව ඔහු දන්වා මීට පෙර සදහන් කලේය.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් තමන්ගෙන් ඉල්ලා අස් වන්නැයි ඉල්ලීමක් කළහොත් පමණක් ඊට සූදානම් වන බවය. මේ අතර ඕනෑම මොහොතක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට සමගි ජන බලවේගයේ දොර විවෘත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පසුගිය සතියේ පවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!