දැරිය මියගිය කළුතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදා හැරේ.

කළුතර ලැගුම්හලක උඩුමහකින් වැටී මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් හතර දෙනෙකු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එහිදී රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට්නා ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

දැරියගේ හැඳුනුම් පත නිසි ලෙස පරීක්ෂා නොකර බාල වයස්කාරිණියක වූ ඇයට ලැගුහලේ නවාතැන් දී ඇය අනතුරට පත් කිරීමේ චෝදනාව යටතේ ඇය අත් අඩංගුවට ගෙන තිබුනි.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවෙන එම දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා එළඹෙන 26 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත. සිද්ධියේ ප්‍රධාන සැකකරුද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර නැත

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *