කස පහර 154 ක් නියමවූ ඉරාන සමාජ ක්‍රියකාරිනියකට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙයි.

ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව සහ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සටන් කිරිම නිසා කිහිප විටක් සිරගතකරනා ලද නාර්ගේස් මොහොමඩි, 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන ඇත.

නෝර්වීජියානු නොබෙල් කමිටුවට අනුව, “සියල්ලන්ට මානව හිමිකම් සහ නිදහස ප්‍රවර්ධනය කිරීමට” ඇය දැරූ උත්සාහයන් වෙනුවෙම් අද දින ඇයට ගෞරවනීය ත්‍යාගය පිරිනමන ලදී.

“ඇගේ නිර්භීත අරගලය අතිවිශාල පෞද්ගලික කැපකිරීම් සමග බැඳී ඇත. සමස්තයක් වශයෙන්, පාලන තන්ත්‍රය ඇයව 13 වතාවක් අත්අඩංගුවට ගෙන, පස් වතාවක් වරදකරු කර, ඇයට වසර 31 ක සිරදඬුවමක් සහ කස පහර 154 ක් නියම කර ඇත. 51 හැවිරිදි මොහොමඩි, කාන්තා අයිතිවාසිකම් සහ මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා උද්ඝෝෂණය කළ ඉරානයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි.

ජාතික ආරක්ෂාවට එරෙහි ක්‍රියාමාර්ග සහ රාජ්‍යයට එරෙහි ප්‍රචාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනා ඇය, දැනට ටෙහෙරානයේ කුප්‍රකට එවින් සිරගෙදර වසර 10 මාස 9 ක සිර දඬුවමක් විඳිමින් සිටිනා බව ෆ්‍රන්ට් ලයින් ඩිෆෙන්ඩර්ස් අයිතීන් සංවිධානය අණාවරනය කරයි.

ජයග්‍රහණයෙන් පසු ඇය නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වෙත පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය සඳහා වන උත්සාහය තමන් කිසි විටෙකත් නතර නොකරන බවයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *