කබ්‍‍රාල්ට රටින් පිටවෙන්න තවදුරටත් තහනම්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍‍රාල්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම අද (8) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයාව සිටිය දී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් පැවරූ පුද්ගලික නඩුවට අදාළව අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශ ගමන් තහනමක් පනවා ඇතත් ඔහු සැකකරුවෙක් ලෙස නම් කර නැතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

විමර්ශන අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙක් ලෙස නම් කළ හැකි බවත් විදේශගත වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි බවත් කියමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

විදේශගත වීම අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේ ඉල්ලීම් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා උපසදෙස් දුන් අතර ස්ථිරව එය ඉවත් කළ නොහැකි බව පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!