කන්න තුනකට පසු මඩ පොහොර නොමිලේ බෙදයි

කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලයේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා මෙට්‍රික් ටොන් 36,000ක් වු ත්‍රිත්ව සුපිරි පොහොර තොගයක් ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කරන ලද අතර, එම තොගය ඊයේ (19) නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදී තිබුණි. ඒ අනුව මෙට්‍රික් ටොන් 11,537ක් වු පළමු මඩපොහොර තොගය අද සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *