කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් සියගණනක් එක විට පලායයි

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 100කට ආසන්න පිරිසක් ඊයේ පස්වරුවේ පළා ගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ පස්වරු 5.30 ට පමණ එම කඳවුරේ නේවාසිකව පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 100ක පමණ පිරිසක් කඳවුරේ වැට කඩා පැන ගොස් ඇති බව ය.

කඳවුර තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මධ්‍යයේ මෙම පිරිස පළාගොස් ඇති බවයි වාර්තා වෙයි . පලාගිය රැඳවියන් සොයා පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙහෙයුම අතරතුරදී පලාගිය රැඳවියන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම පිරිස කන්දකාඩු වනාන්තර ප්‍රදේශයට පළාගොස් ඇතැයි සැක කෙරෙන අතර අදත් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කරනා බව පොලිසිය පවසයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!