කංසා සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කරයි

කංසා ඖෂධීය අවශ්‍යතා සඳහා වගාව අපනයනය නීති ගත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඒ සඳහා වන නිරීක්ෂණ කැඳවා ඇති අතර නිරීක්ෂණ ලැබීමෙන් පසු නීති කෙටුම්පත් සකස් කිරීමට යොමු කිරීමට නියමිතය. ඊට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් කන්සා අපනයනයට හා ඖෂධ ලෙස මහා පරිමාණ මට්ටමින් වගා කිරීමට සුදුසු අයදුම්කරුවන් වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් හරහා හඳුනා ගැනීමට කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇති අතර එම අවසර ලාභීන්ට පමණක් කංසා වගාව ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *