ඖෂධීය කංසා වගාවට අවසර හිමිවෙයි

ඖෂධීය කංසා වගාව සඳහා නව පනත තුළින් අවසරය හිමිවූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

“ආයුර්වේද පනතේ මෙතෙක් කල් පැවැතියේ ආයුර්වේද ඔසු නිෂ්පාදනය සම්බන්ධයෙන් පමණයි. දැන් ඔසු වගා කිරීම සඳහා වූ අවශ්‍ය බලය ලබාදෙනවා. වාණිජමය වගාවන් වශයෙන් තමයි ඔසු උයන් සහ ඔසු වගාවන් සිදුවෙන්න ඕනේ. ඒවට අවශ්‍ය පරිසරය, නෛතික සීමාවන් අපි ලබාදීලා තිබෙනවා.”

“ඉදිරි සති කිහිපය තුළ ලියාපදිංචි ලේඛනයට අලුතින් තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඇතුළත් වෙනවා. එලෙස ලියාපදිංචිය ලබාදෙන අලුත් ක්ෂේත්‍රය වන සම්බාහන ශිල්පීන් කියන වෘත්තිකයින් සමග ස්පා පටලව ගන්න එපා.”

යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *