ඔබේ ඡායාරූපය සහිත මුද්දරයකින්
ලිපියක් යවන්නේ මෙහෙමයි

තමන්ගේ ඡායාරූප සහිත මුද්දරයක් භාවිත කිරීමේ හැකියාව මෙරට ජනතාවට ලබා දී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කරනවා.

තැපැල් කටයුතු සඳහා භාවිතා කළ හැකි එවැනි මුද්දර 20 ක් රුපියල් දෙදහසකට ලබා දෙන බවයි කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

“මම හිතන්නේ කවුරුවත් දන්නේ නැතිව ඇති තමන්ගේ පින්තුරේ දාලා මුද්දරයක් ගහන්න පුලුවන් කියන එක. දැන් අපි අයකරන්නේ රුපියල් 2000යි මුද්දර 20ක් දෙනවා.

මේක සමහරවිට තමන්ගේ උපන්දිනයට වෙන්න පුළුවන්, තමන්ගේ යාළුවාගේ උපන් දිනයට වෙන්න පුළුවන්, තමාගේ දුවගේ පුතාගේ වෙඩින් එකට වෙන්න පුළුවන් වෙඩින් ඉන්විටේෂන් එක යවන්න ඒ දෙන්නාගේ පින්තුරය දාපු මුද්දරයක් ගහලාම යවන්න පුලුවන් හැකියාව තියනවා.

මේක සාමාන්‍ය තැපැල් මුද්දරයක් විදිහටම භාවිතා කරන්න පුළුවන්. “

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!