උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන සී.අයි. ඩී. යට

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙන බව වාර්තා වේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ පුද්ගලික මෝටර් රථය ඉලක්ක කර, ඔහුගේ අනුරාධපුර පිහිටි නිවස ඉදිරිපිට දී ඊයේ (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයට හානි සිදුව තිබේ.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ජීව උණ්ඩයක් සහ පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට භාවිත කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *