ඊශ්‍රායලයෙන් ලෙබනනයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය ඊයේ රාත්‍රී ලෙබනනයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනා ලද අබ්ව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉශ්‍රායල භූමියේ සිට එල්ලවූ පේට්‍රියට් මිසයිල හතරක් දකුණු ලෙබනන ගුවන් සීමාවේදී පුපුරා ගොස් ඇති අතර හතරවැන්න ප්‍රදේශයේ තැනිතලාවකට වැටී ඇති බව ලෙබනන් හමුදා ආරංචි මාර්ග ෂින්හුවා ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරයි .

මෙම මිසයිල තුන Marjeyoun සහ Khiam හි පිපිරුණු අතර, සිව්වැන්න දකුණු ලෙබනනයේ Al-Mari නගරයට වැටී ඇත. එම ප්‍රහාරයෙන් මිය ගිය හෝ තුවාල තුවාල ලැබූවන් පිළිබඳ තවමත් වාර්තා වී නැත.

ලෙබනනයේ සිට තම රට දෙසට රොකට් ප්‍රහාර එල්ලවන බවට ඊශ්‍රායලය චෝදනා කර තිබූ අතර එය ලෙබනනය විසින් ප්‍රතික්ෂේප කර තිබුනි. ප්‍රහාරයට පෙර ලෙබනන් දේශසීමාවට යාබද සියලුම ඊශ්‍රායල ජනාවාසවල මිනිත්තු කිහිපයක් සයිරන් නාද වූ අතර ඉන් සුළු වෙලවකට පසු මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

සෙනසුරාදා හමාස් ප්‍රහාරයට සහය දැක්වීම සඳහා ලෙබනනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරිදා උදෑසන ඊශ්‍රායල හමුදා ස්ථාන දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබුන අතර මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉන් දින හතරකට පසුය. ‍යම් හෙයකින් ඊශ්‍රායල් හමාස් ගැටුම තව දුරටත් පැතිරුනහොත් එය යුක්‍රේන යුද්ධයට වඩා දරුණු බලපෑමක් ලෝකයට ඇතිකරනු ඇතිබව ජාත්‍යන්තර පුවත් විශ්ලේශකයන් පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *